20/11/2025
මේක කියෙව්වට පස්සේ ඔයාට මැස්සෙක් දිහා බලද්දිත් අමුතු ලෝකයක් මතක් වෙයි.
1. මුන්ගේ ඇස් පට්ට නින්ජා ලෙවල්
ඔයා මැස්සට ගහන්න ගිහින් කී පාරක් ෆේල් වෙලා තියෙනවද? අත උස්සනකොටම මූ මාරු වෙනවා නේද? ඒක වෙන්නේ උගේ ඇස් නිසා. අපිට වගේ ලොකු කාච දෙකක් නෙමෙයි මුන්ට තියෙන්නේ. මුන්ට තියෙන්නේ 'Compound Eyes' (සංයුක්ත ඇස්) කියලා ජාතියක්.
ඒ කියන්නේ එක ඇහැක් හැදිලා තියෙන්නේ 'ommatidia' කියන පොඩි පොඩි, වෙන වෙනම වැඩ කරන කාච 6000ක් විතර එකතු වෙලා!
මේ නිසා මුන්ට එක පාර 360° වගේ වටේම පේනවා. ඔයා පිටිපස්සෙන් ආවත් මූ දන්නවා.
තව පට්ටම දේ තමයි, මුන් ලෝකේ දකින්නේ Slow-Motion වලින්! ඒකට කියන්නේ 'flicker fusion rate' කියලා. අපේ ඇහැට තත්පරේකට ෆ්‍රේම් 60ක් විතර අල්ලගන්න පුළුවන් (අපේ ෆෝන් ස්ක්‍රීන් එක වගේ). ඒත් මැස්සෙකුට තත්පරේකට ෆ්‍රේම් 250කට වඩා අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ "ගහන්න ඕනේ" කියලා හිතලා අත උස්සනකොට, උන්ට ඒක පේන්නේ 'The Matrix' ෆිල්ම් එකේ වගේ මාරම හෙමින්. ඉතිං උන්ට ප්ලෑන් එකක් ගහලා මාරු වෙන්න ඕන තරම් වෙලා තියෙනවා. ඔයා ගහන්නේ උන්ගේ අනාගතේට!
2. මුන් කෑම රස බලන්නේ කකුල් වලින්!
මේක තමයි පට්ටම අමුතු සීන් එක. ඔයා හිතන්නේ මැස්සා ඔයාගේ බත් එක උඩ වහන්නේ නිකන්ද? නෑ. ඌ ඒක රස බලනවා. මැස්සන්ගේ රස දැනෙන ප්‍රතිග්‍රාහක (taste receptors) තියෙන්නේ උන්ගේ කකුල්වල යටිපතුල්වල.
දැන් හිතන්න, ඌ ඔයාගේ බත් එකට තත්පර 10කට කලින් වැහුවේ කොහෙද කියලා. කුණු ගොඩක? කාණුවක? නැත්නම් ඊටත් වඩා කිච තැනක වෙන්න පුළුවන්. ඒ අසූචි/කුණු ගෑවුණු කකුලම තමයි ඌ ඔයාගේ පිරිසිදු කෑම එක උඩ තියලා "ආ... මේක රසයි" කියලා බලන්නේ. ඊළඟ පාර කෑම එකක මැස්සෙක් වැහුවම මේක මතක් කරගන්න.
3. කෑම කන විදිහ ඊටත් වඩා අවුල්.
හරි, ඌ කකුලෙන් රස බැලුවා, කෑම එක 'සිරා' කියලා තීරණය කළා. ඊළඟට කන්නේ කොහොමද? මැස්සන්ට දත් නෑ. උන්ට හපන්න බෑ.
ඉතිං මුන් කරන්නේ මාරම අප්පිරියා වැඩක්. ඌ උගේ වමනේ (ආමාශයේ තියෙන එන්සයිම පිරුණු දියරයක්) ඔයාගේ කෑම එක උඩට දානවා. ඒ එන්සයිම වලින් ඒ කෑම කෑල්ල දියවෙනකම් ඌ බලන් ඉන්නවා. ඊට පස්සේ හොඬ වගේ තියෙන කටින් (proboscis) ඒ දියවෙච්ච 'සිරප්' එක උරලා බොනවා.කෙටියෙන්ම කිව්වොත්, ඌ ඔයාගේ කෑම එක උඩට වමනේ දාලා, ඒක දිය කරලා, ආයෙම උරාගන්නවා. අම්මෝ...
4. මුන් ඇවිදින ලෙඩ ගොඩක් (Walking Biohazard)
මේක නම් විහිළුවක් නෙමෙයි. මැස්සෙක් කියන්නේ පට්ටම භයානක සතෙක්. එක මැස්සෙක්ගේ ඇඟේ බැක්ටීරියා වර්ග මිලියන 1.5කට වඩා තියෙන්න පුළුවන්. උන්ගේ කකුල්වල, ඇඟේ තියෙන පොඩි කෙඳි අතරේ, වගේම උන්ගේ අර වමනේ එකේ පට්ට විෂබීජ තියෙනවා.
කොලරාව, ටයිෆොයිඩ් (උණසන්නිපාතය), අතීසාරය, සැල්මොනෙල්ලා, ඇස් ලෙඩ වගේ ලෙඩ 60කට වඩා බෝ කරන්න මුන්ට පුළුවන්. උන් කුණු ගොඩවල්, මලපහ උඩ ඉඳලා කෙලින්ම එන්නේ උබේ කුස්සියට. ඒ නිසා මැස්සෝ කියන්නේ සෙල්ලම් සතෙක් නෙමෙයි.
ඔයාලා මෙතනට වෙනකන් මේ පෝස්ට් එක කියෙව්වනම් ඔයා හරිම හික්මීමක් තියෙන facebook එකේ වැදගත් දැනුම තියෙන දේවල් බලන කෙනෙක්. ඔයා වගේ කෙනෙක් මේ පෝස්ට් එකට ලයික් එකක් දැම්මොත් තමයි තවත් ඒ වගේම සාරවත් පිරිසක් අතර මේ පෝස්ට් එක share වෙන්නේ.
එනිසා පොඩි වෙලාවට පෝස්ට් එක back කරලා like එකක් දාලා එන්න.
හොඳයි ආයිත් අපි යමු කතාවට.
5. උඩ තියෙන සිවිලිමේ නවතින්නේ කොහොමද?
ඔයා දැකලා තියෙනවද මුන් කෙලින්ම ගිහින් සිවිලිමේ අනිත් පැත්තට හැරිලා වහනවා?
ඒකත් පට්ට වැඩක්. මුන් ඒක කරන්නේ මාරම ටෙක්නික් එකකින්. මුන් වේගෙන් සිවිලිමේ ළඟට ගිහින්, ඉස්සරහා කකුල් දෙක උඩට විසික් කරනවා. ඒ කකුල් දෙක සිවිලිමේ ගෑවෙනවත් එක්කම මුළු ඇඟම කරකවලා අනිත් කකුල් හතරත් සිවිලිමට තද කරගන්නවා. මේ ඔක්කොම වෙන්නේ ඇසිපිය ගහන සෙකන්ඩ් එකකටත් වඩා අඩු කාලෙකින්. පට්ට ස්කිල් එකක්.
6. ඒත් මුන්ගෙන් පොඩි හොඳකුත් තියෙනවා (හිතුවෙ නෑ නේද?)
හරි බං, හැමදාම බැන්නට, මේ ලෝකෙට මැස්සන්ගෙන් වෙන හොඳ දේවලුත් තියෙනවා.
පරාගණය (Pollination): මී මැස්සෝ තරම් නැතත්, මැස්සෝ මල් වලින් මල් වලට යනකොට පරාගනය කරනවා. විශේෂයෙන් අඹ, ගම්මිරිස් වගේ සමහර පැළෑටි වලට මැස්සන්ගේ උදව් ඕනේ.
දිරාපත් කිරීම (Decomposition): මේක තමයි ලොකුම සේවය. මැස්සන්ගේ පණුවෝ (maggots) නැත්නම් මේ ලෝකේ කුණු වෙච්ච සත්තු, කුණු ගොඩවල් වලින් පිරෙයි. උන් තමයි මේ ඕර්ගනික් කුණු ගොඩවල් ඉක්මනට දිරාපත් කරලා ආයෙම පසට එකතු කරන්නේ. පරිසරය ක්ලීන් කරන එකේ ලොකු කොටසක් මුන් කරන්නේ.
7. මුන් බෝවෙන ස්පීඩ් එක.
එක ගෑණු මැස්සෙක්ට දවස් 21ක් විතර වෙන එයාගේ කෙටි ජීවිත කාලේ ඇතුළත බිත්තර 500ත් 1000ත් අතර ගාණක් දාන්න පුළුවන්. ඒ බිත්තර පැය 12-24ක් ඇතුළත පණුවෝ වෙනවා. ඒ පණුවෝ දවස් 5කින් විතර මැස්සෝ වෙනවා. ඒ මැස්සෝ දවස් 2කින් ආයේ බිත්තර දානවා.
ගණන් හදලා බැලුවොත්, එක මැස්සෙක්ගෙන් මාස 5ක් ඇතුළත මුළු ලෝකෙම අඩි 47ක් උසට මැස්සන්ගෙන් වහන්න පුළුවන් තරම් පරම්පරාවක් බිහි කරන්න පුළුවන්ලු (හොඳ වෙලාවට උන් ඔක්කොම ජීවත් වෙන්නේ නැත්තේ!).
අවසාන වශයෙන්
ඉතිං දැක්කනේ? ඔයා"චීයා" කියලා ගහලා මරලා දාන, මේ පොඩි මැස්සා ඇතුළේ උබලා නොදන්න පට්ටම සංකීර්ණ ලෝකයක් තියෙනවා.
ඌ එක පැත්තකින් මාරම ඉන්ජිනේරු තාක්ෂණයක් (slow-motion ඇස්, සිවිලිමේ වහන ස්කිල්), අනිත් පැත්තෙන් ඇවිදින මරණයක් (ලෙඩ බෝ කරන හැටි).
දැන් ඉතිං මැස්සෙක් දැක්කම මේවා මතක් කරගනින්. පුලුවන්නම් එන්නැති වෙන්න දාන බෙහෙත් දාපන් නැත්නම් ලෙඩ හැදෙයි.
ඔයාලා දන්න තව මේ වගේ මැස්සෝ ගැන කරුණු තියෙනවනම් කමෙන්ට් කරන්න
🔴 කරදරකාරී මැස්සන් ගෙන් නිදහස් විමට කෝබ්‍රා නිශ්පාදන භාවිතා කරන්න
🔴https://www.facebook.com/profile.php?id=61550243472011&mibextid=ZbWKwL
🔴 නිශ්පාදන මිලදි ගැනීමට දුරකථන අංක අමතන්න
076 0488894
075 4519237