10/04/2026
🌸 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර - 2026 🌸
ලබන්නා වූ 2026 අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවායි ජනිත සමූහ ව්‍යාපාරයේ (Janitha Group of Companies) අප සැම එකසිතින් ප්‍රාර්ථනා කරමු!
අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර නිසි වේලාවට ඉටු කිරීම සඳහා වන නැකත් සීට්ටුව පහතින් දක්වා ඇත:
අලුත් අවුරුදු උදාව: අප්‍රේල් 14 වන අඟහරුවාදා පූර්වභාග 09:32 ට
පුණ්‍ය කාලය: අප්‍රේල් 14 වන අඟහරුවාදා පූර්වභාග 03:08 සිට අපරභාග 03:56 දක්වා
ආහාර පිසීම: අප්‍රේල් 14 වන අඟහරුවාදා පූර්වභාග 10:41 ට (රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා)
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය: අප්‍රේල් 14 වන අඟහරුවාදා අපරභාග 12:05 ට (රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා)
හිසතෙල් ගෑම: අප්‍රේල් 15 වන බදාදා පූර්වභාග 06:54 ට (කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා)
රැකී රක්ෂා සඳහා පිටත්ව යාම: අප්‍රේල් 20 වන සඳුදා පූර්වභාග 06:27 ට (සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී)
ඔබේ පවුලේ සැමට ජය හා සතුට පිරුණු අසිරිමත් අවුරුද්දකට අපෙන් සුභ පැතුම්! 🌿✨