06/02/2026
🐜 පාංශු වේයන් යනු කවුද? 🐜
පාංශු වේයන් සාමාන්‍යයෙන් පොළොව අභ්‍යන්තරයේ ජීවත් වන අතර, ඔවුන්ගේ පැවැත්ම සඳහා තෙතමනය අත්‍යවශ්‍ය වේ. මොවුන් සෙලියුලෝස් (Cellulose) අඩංගු ලී, කඩදාසි සහ ශාක කොටස් ආහාරයට ගනිමින් ජීවත් වේ.
🟢 සමාජීය ව්‍යුහය:
වේයන් පොළොව යට සංවිධානය වූ ජනපද තුල ජීවත් වේ. එහි, රැජිනක්, රජෙක්,
මෙහෙකාර වේයන් දහස් ගණනක් මෙන්ම සෙබළ වේයන් සහ ප්‍රජනක සතුන් (මෙරෑ) ලෙස පැහැදිලි බෙදීමක් සහිතව පවතී.
🟢හානිය:
මොවුන් (මෙහෙකාර වේයන්) දහස් ගණනක් පොළොව යට සිට බිත්ති සහ අත්තිවාරම් හරහා නිවෙස් තුළට ඇතුළු වේ. පිටතින් කිසිදු ලකුණක් නොපෙන්වා ලී භාන්ඩ සහ වහලයේ ලී ව්‍යුහයන් ඇතුළතින් කා දමන බැවින් මොවුන්ව "නිහඬ විනාශකරුවන්" ලෙස හැඳින්වේ.
🟢හඳුනා ගැනීම:
බිත්ති මත ඇති මඩ නල (Mud tubes), ලී මතුපිට තට්ටු කරන විට ඇසෙන හිස් හඬ සහ වරින් වර දැකිය හැකි වේයන්ගේ (මෙරෑන්ගේ) පියාපත් මේ සඳහා ප්‍රධාන ලකුණු වේ.
John Piper International (Pvt) Ltd:
ඔබේ නිවසේ ආරක්ෂාව වෙනුවෙන්
පාංශු වේයන්ගෙන් ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට සිදුවන හානිය වළක්වා ගැනීමට, ශ්‍රී ලංකාවේ විශ්වාසදායකම විසඳුම වන්නේ John Piper International (Pvt) Ltd ආයතනයයි.
වසර 25ක් ඉක්මවූ පළපුරුද්ද සහිත අප ආයතනය, නවීන තාක්ෂණය සහ ප්‍රමිතියෙන් උසස් රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් වේයන් මර්ධනය සඳහා සුවිශේෂී සේවාවන් රැසක් සපයයි :-
✅ පූර්ව ඉඳිකිරීම් වේයන් මර්ධනය (Pre-Construction Termite Control):
ඔබ අලුතින් නිවසක් ඉඳිකරන්නේ නම්, අත්තිවාරම දැමීමට පෙර, වේයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිකාර කිරීම.
✅ පශ්චාත් ඉදිකිරීම් වේයන් මර්දධය (Post-Construction Termite Control):
දැනට පවතින නිවසක වේයන් පාලනය කිරීමට සිදුකරන විශේෂිත විදුම් සහ රසායනික ප්‍රතිකාර ක්‍රමයි.
පොළොවේ ඇති ටයිල් වැනි දේ සිදුරු කිරීමට සිදුවීම, මෙහි ඇති එක් අවාසියකි.
✅ වගකීම් සහතිකය සහ පාරිසරික ආරක්ෂාව :
නවීන වේනාශක රසායන ද්‍රව්‍ය පරිසර හිතකාමී බැවින් කෙටි කාලයක් තුලදී එය වියෝජනය වී, එහි ක්‍රියාකාරිත්වය හීන වේ. මෙයට විසඳුමක් වශයෙන් අප සමාගමේ නව සොයා ගැනීමක් වන "PiperGuard Recharging System" (රසායන ද්‍රව්‍ය ප්‍රතිස්ථාපන පද්ධතිය) හඳුන්වා දී ඇත; පේටන්ට් බලපත්‍ර සහිතයි.
✅ පළිබෝධ පාලනය (General Pest Control): කැරපොත්තන්, කූඹින්, මැක්කන්/කිනිතුල්ලන්, ඇඳ මකුණන්.. යනාදී සෙසු පළිබෝධකයන් මර්ධනය.
අපගේ විශේෂඥ කණ්ඩායම විසින් ඔබේ පරිශ්‍රය පරීක්ෂා කර, පරිසර හිතකාමී සහ වේයන් මර්ධනය සඳහා දීර්ඝකාලීන සහතිකයක් සහිත විසඳුම් ලබා දෙනු ලැබේ.
අප හා සම්බන්ධ වන්න: 0773647125
වෙබ් අඩවිය: https://www.johnpiper.lk