17/08/2025
පාවිච්චි කරපු බයික් ගන්න ඉන්න කොල්ලන්ට 🙏💯 කියවලා පලයල්ලා
බයික් ගනන් වැඩි එකට සේල් කරන අයට විතරක් බනින රැල්ල ඇත්තටම කිසි ඵලක් නැති දෙයක් . ගන්න අය 50% විකුනන අය 50% දෙපැත්තෙන්ම වැරදි තියනවා . සේල් අය කියනවා හදන්න වියදන් ගියාලු චීස්ලු කියලා දාපු ඇනේ ඉදන් ගනන් හදලා කියනවා ( හැබැයි 80% අටෝනවා කරන්නේ . මාත් ගැරේජ් එකක කොල්ලෙක් මටත් හිටියා ගමේ සේල් කරපු යාලුවෝ 😒 ) ඒ වගේම තමා ගන්ඩ යන අය බයික් එකක් බලන්ඩ ඉගෙන ගනිල්ලා ගන්ඩ කලින්
මුලින්ම බයික් එකේ වටේට හොදට අත පත ගාලා හෙල්ලෙන කෑලි , පුපුරපුවා , ස්ටිකර් ගහලා තියන තැන් , ඇද පලුදු බලපල්ලා
ඊටපස්සේ පේන්ට් එක ලංකාවේ ගහපු ප්ලේන්ට් එකක්ද ? ඔරිජිනල්ද ? ලංකාවේ ගහපු එකක්නම් ඇත්තමට 100/% ශුවර් කරන්ඩ බෑ ( මොකද ටිනර් කලවන් කරන විදිහ , ජල වාශ්ප , හුලගෙන් පවා ප්ලේන්ට් එකේ කොලිටිය වෙනස් වෙනවා බන් ) හොද ඒවත් තියනවා .
ඊටපස්සේ ඔය කික් පැඩ්ල් , ජියර් පැඩ්ල් , බ්‍රේක් ලීවර් , ක්ලච් ලීවර් ශොක් තුන හෝ හතර සයිලන්සර් එක ඒවා බලල්ලා .
ඊටපස්සේ ටයර් ටික සීට් එක ගලවලා දිරුම් තියනවද ? චැසි පාස්සලාද අරවා මේවා බලහල්ලා .
ඊටපස්සේ වයරින් එක මූනේ ඉදන් - රෙක්ටිෆයර් , cdi හරහා පිටිපස්සේ බ්‍රේක් ලයිට් එකට එනකන් චෙක් කරහන් ( ඔරිජිනල් හාන්ස් එක ගලවලාද ? ක්ලිප් මාරු කරලද ? වයර් කපලා කොටලද ? හැමතැනින්ම කරන්ට් අරන් ලයිට් ගහලද ඒවා මේවා .
ඊටපස්සේ බැට්‍රි එකයි සෙල්ෆ් ස්ටාටර් මෝටර් එකයි බලහන් . ස්ටාර්ට් කරලා නවත්තලා හෙඩ් ලයිට් දාලා දෙතුන් පාරක් මෝටරේ ගහලා බලහන්. ( හැම එකම එකපාරක් ගහලා මරු කියන්ඩ එපා )
ඕන් ඊටපස්සේ වරෙල්ලා එන්ජිමට .
ස්ටාට් කරලා ඇක්ස්ලේටර් එක අත ඇරලා හොදට එන්ජින් එකේ සද්දේ අහන් ඉදපන් ( අනිත් උන්ට නම් කොහොමද දන්නෑ මටනම් එන්ජින් එක අඩු rpm වල දුවනකොට අමාරුවෙන්ද දුවන්නේ නෝමල්ද කියලා තේරෙනවා .( බයික් ඇගෙන්ම පදින උන් ගොඩකට එහෙමයි බන් )
ඔන්න එතකොට සද්ද බද්ද වලින් ටැපට් සද්ද , ටයිමින් චේන් , රොඩ් එකේ සද්ද ශේප් එකේ බලාගන්න පුලුවන්.
ඊටපස්සේ බයික් එක රේස් කරහන් 3000 - 3500 rpm වලට විතර ( අයිතිකාරයාට දෙයියෝ සිහි කරන්න එපා ඈ 😓 ) රේස් කරන් විනාඩි පහක් විතර තියන් ඉදපන්
ඔන්න එන්ජිම ලාවට රත් වෙනවා ඇක්ස්ලේටර් එක අත ඇරලා ආය බලන් ඉදහන් නවතිනවද මොකද කියලා ..
ඊටපස්සේ නවත්තලා ආය ස්ටාට් කරහන් කික් තියනවනම් කික් කරලා ඊටපස්සේ ටිකක් වැඩිපුර රේස් කරාලා බලහන් දුම තත්වේ . ( වතුර එන්ඩ ටියුන් කරන ඒවා ගැන නම් දන්නෑ )
ඔය ඔක්කොම ශේප් නම් නැගපන් බයික් එකට මේන් ස්ටෑන්ඩ් එක ගහලා . 😌
හොදට සැපට ඉදගෙන රජෙක් වගේ හැඩල් එකෙ අල්ලගෙන උබ නෝමල් රයිඩ් කරන පොසිශන් එකේ ඉදලා හැඩල් එක හරවලා කරලා බලපන් .
එතකොට t බාර් ඇද චැසි ඇඹරිච්චා ලොකුවට නැතත් පොඩි එකක් ඇගට එනවා ශුවර් බන් 😌👊
ඔන්න දැන් යමන් රවුමක් ...
ගනින් බයික් එක අයිතිකාරයාගෙන් අහලා තෙල් එහෙම චෙක් කරගෙන ( උබව ශුවර් නැත්තන් ඌවත් දාගනින් මොකද 1km පැදලා අම්මට මේක මරු කියලා ගේන්න නෙවේ යන්නේ උබ .
ඌවත් දාගෙන 40 / 50 එලෝපන් 4 km විතර ( උබට කලින් ඔක්කොම සෙට් නම් rs 500 ක විතර තෙල් ටිකක් ගහපන් ) එතකොට ඉතින් තෙල් වැඩ කරන ගානත් බලාගන්න පුලුවන්නේ .
ඊටපස්සේ 60, 70 එලවහන් 7, 8 km විතර ( මොකද අපි සාමාන්‍ය ගමනක් යනකොට ඕක තමා ගොඩක් කොල්ලන්ගේ වේගේ ) සාමාන්‍යයෙන් එකම rmp එකේ දුවනකොට ඒ ටයිම් වලට වැඩකරන හැම කෑල්ලක්ම වැඩිපුර ගෙවෙනවා බන් ( කාබියුලේටර් ඇක්ස්ලේටර් ඉදන් එන්ජින් එකේ වීල් එකක් වෙනකන් ඒ ටිකනේ වැඩිපුර කැරකෙන්නේ . )
එතකොට ඔන්න මිස් තියන ඒවා රත් වෙනකොට එන ලෙඩ අදින් නැති ඒවා , ක්ලච් ප්ලේට් බදන ඒවා බලාගන්ඩ පුලුවන් .
ඉවර නෑ ( එලවන්න පුලුවන් උන් විතරක් ) හදිස්සි ගමනුත් තියනවනේ බන් අපිට 😌 යකා mood දාගෙන එලවපන් 2.5 km විතර 90, 100 , 105 විතර හොදට දැනෙන්න එලවපන් ( දන්න උන් දන්නවා rpm උඩ තියාගෙන එන්ජිමට හොදට බර දීලා එලවහන්
ඔන්න ඊටපස්සේ ආය වරෙන් 50 speed එකෙන් හිටපු තැනට ඇවිත් නවත්තලා බයික් එක idel තියපන් ( වචනේ හරිද දන්නෑ ) දුම දානවද ? හඩ වෙනස්ද මිස් ද ඔයිල් ඇවිල්ලද රත් වෙන එක කොහොමද පොඩ්ඩක් බලපන්
ඔන්න ඊටපස්සේ ඉල්ලගනින් ඩොකියුමන්ට් ටික ඒවා ඉතින් ඕන විදිහකට බලාගනිල්ලා 🙂
මන් පකීර් කෙනෙක් නෙවේ සේල් කරන එකෙකුත් නෙවේ පාඩුවේ ඉන්නේ . කාට හරි පොඩි හරි උදවුවක් වෙයිනේ .
තව එකක් දැන් මෙහෙම බයික් බලන්න දෙන්නෑ කියලා කේස් එක දාන්න එපා මට සමහරවිට ඔහොම බලලා ගේන බයික් එකක් බය නැතුව ටික කාලයක් පදින්න පුලුවන් වෙයි බන් . ඔහොම ඉන්ස්පෙක්ශන් එකක් කරන්න දෙන්න බෑ කීවොත් ඒ බයික් එකේ අදහස අතඇර ගනින් බන් .
බල්ලෝ මරලා හොයපු සල්ලි නම් ඕන එකක් . සාධාරන සල්ලි නම් අපරාදේ ලක්ශ ගනන් දීලා ගෙනැල්ලා අමාරුවේ වැටෙන්ඩ එපා බලලා ගනිල්ලා බුදුසරනයි .
ගොඩක් දේවල් දන්නේ නෑ මන් හද පෙන්නුවාම හද බලපල්ලා පෙන්නපු ඇගිල්ල නොබලා
( කලිමුත් මන් මේ කතාවම දැම්මා ආය දාන්න හිතුනේ තාම ඉන්නවා බයික් අරන් ඇනගත්ත කට්ටිය 😌 )