𝐓𝐎𝐏𝐎𝐍𝐄 HOTEL Solution

𝐓𝐎𝐏𝐎𝐍𝐄 HOTEL Solution ,Hotel 𝐂𝐥𝐞𝐚𝐧𝐢𝐧𝐠 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭..! Hela halpe Ella... ☎️ (076) 827 33 22

10/07/2026

2026 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම, අංක එකේ දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නිල වශයෙන් කිරුළු පැළඳ තිබෙනවා. ජාත්‍යන්තරයේ දැවැන්තම සහ ජනප්‍රියම සංචාරක මාධ්‍ය ජාලයක් වන Big 7 Travel ආයතනය සිදු කළ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී, ලොව සුපිරිම දූපත් 50ක් පරදවමින් තමයි ලංකාව මේ විස්මිත වාර්තාව තියලා තියෙන්නේ!

Big 7 Travel වාර්තාවට අනුව, ලෝකයේ වෙන කිසිම රටක නැති විවිධත්වයක් මේ පුංචි දිවයින ඇතුළේ පැය කිහිපයකින් අත්විඳින්න ලැබීම තමයි ලංකාව පළමු තැනට එන්න ප්‍රධානම රහස!

සැතපුම් 833ක රන්වන් වෙරළ තීරය - වටේටම තියෙන නිල් මැණික් පාට මුහුදත්, ඉර බැස යන සුන්දර දර්ශනයත් විදේශිකයන්ට නම් දිව්‍යලෝකයක් වගේ.
මීදුම පිරුණු සීතල කඳුකරය - උදේට මුහුදු තීරයේ අව්ව තපින සංචාරකයාට, හවස් වෙද්දී නුවරඑළියේ සීතල කාගෙවත් ඇල්ලේ මීදුම මැද උණුසුම් ලෝකප්‍රසිද්ධ ලංකා තේ (Ceylon Tea) කෝප්පයක් තොලගාන්න පුළුවන් වීම ඔවුන්ට හීනයක් බඳුයි.
අවුරුදු 2500ක අභිමානවත් ඉතිහාසය - අනුරාධපුර, පොළොන්නරුව නටබුන් සහ පෞරාණික සංස්කෘතික උරුමයන් ලෝක ඉතිහාසඥයන්ව පවා මවිතයට පත් කර අවසන්.

මේ ශ්‍රේණිගත කිරීමේදී ලංකාවට වැඩිම ලකුණු අරන් දීලා තියෙන්නේ අපේ රටේ ප්‍රධානම ආකර්ෂණීය ස්ථාන දෙකක්,

අටවෙනි ලෝක පුදුමය - සීගිරිය යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරිය කන්ද මුදුනට නැගලා ඒ විශ්මිත ඉංජිනේරු තාක්ෂණය සහ බිතුසිතුවම් දැක්කම ඕනෑම විදේශිකයෙක්ගේ කට උත්තර නැති වෙනවා.

යාල වනෝද්‍යානයේ 'දිවියා' - ලෝකයේ වර්ග කිලෝමීටරයකට වැඩිම කොටියන් (Leopards) ගහනයක් ඉන්න යාල වනෝද්‍යානයේ සෆාරි අත්දැකීම, අප්‍රිකාවේ වනගත අත්දැකීමකට වඩා සුපිරි බවයි ඔවුන් කියන්නේ. ඒ මදිවට වල් අලි, වළසුන් සහ මොණරුන් ඇස් ඉදිරිපිටම දැකගන්න ලැබීම අතිශය ආකර්ෂණීයයි.

මේ ජයග්‍රහණය අතරට තවත් සුපිරිම ආරංචියක් එකතු වෙලා. ලෝකයේ තියෙන ලස්සනම සහ හොඳම වෙරළ තීරයන් 50 අතරින් 26 වැනි ස්ථානය දිනාගන්න අපේ දකුණු පළාතේ උණවටුන වෙරළ තීරය සමත් වෙලා තියෙනවා!

කිමිදීම , සංචාරක රාත්‍රී ජීවිතය සහ රසවත් මුහුදු ආහාර නිසා උණවටුන කියන්නේ දැන් විදේශිකයන්ගේ තවත් එක ප්‍රධාන පාරාදීසයක්.
(Copy) SRILANKA FRIENDS APi = ශ්‍රි ලංකාවේ මිතුරු එකමුතුව 🇱🇰 ☸️ ✝️ ☪️ 🕉️

06/05/2026

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 හමාර ඉක්මවයි..!💯🇱🇰🙏 SRILANKA FRIENDS APi = ශ්‍රි ලංකාවේ මිතුරු එකමුතුව 🇱🇰 ☸️ ✝️ ☪️ 🕉️

Address

Ella
ELLA

Telephone

+94777180533

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐓𝐎𝐏𝐎𝐍𝐄 HOTEL Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝐓𝐎𝐏𝐎𝐍𝐄 HOTEL Solution:

Shortcuts

Share